රාජකාරි භාර ගැනීමේ ලිපිය, පොදු 160, පොදු 169 / සෞඛ්‍ය 169 වෛද්‍ය වාර්තාව සහ රාජ්‍ය බැංකු ගිණුම් විස්තර කලාප අධ්‍යාපන කාර්යාලයට නියමිත වේලාවට භාර දුන් පසු, සාමාන්‍යයෙන් මාස 01 සිට 02 දක්වා කාලය තුළ (හිඟ වැටුප්ද සහිතව) ලැබේ.
පළමුව දින 21 ක අනියම් නිවාඩු (සමානුපාතික නොවේ) භාවිත කළ හැකිය. ඉන්පසු පාසල් වාරය තුළ XII වන පරිච්ඡේදයේ 24 වන වගන්තිය යටතේ පිළිගත් වෛද්‍ය සහතිකයක් සහිතව මාස 01 ක් දක්වා සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා ගත හැකිය. ඉන් ඔබ්බට අවශ්‍ය නිවාඩු අර්ධ වැටුප් හෝ වැටුප් රහිත (No-Pay) වේ.
නොහැකිය. රජයේ රෝහලක සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරියෙකු (GMO / DMO) විසින් පමණක් පරීක්ෂා කර සහතික කළ යුතුය.
සාමාන්‍ය වාර්ෂික ස්ථානමාරු සඳහා ඉල්ලුම් කළ නොහැකිය. අතිශය විශේෂ වෛද්‍ය හේතු හෝ ජීවිත තර්ජන වැනි සුවිශේෂී අවස්ථාවලදී පමණක් විශේෂ අනුමැතිය මත සලකා බැලේ.
කලාප අධ්‍යාපන කාර්යාලයේ මුල් ලිපිගොනුව සෘජුව පරිශීලනය කළ නොහැකිය. එහෙත්, පාසලේ විදුහල්පතිවරයා භාරයේ ඇති ද්විතීයික ලිපිගොනුවේ ලේඛන ඇතුළත් කර ඇත්දැයි විදුහල්පති අනුමැතිය ඇතිව තහවුරු කර ගත හැකිය.
වසර 03 ක පරිවාස කාලය, නව ගැසට් 2444/21 EB I විභාගය, 18/2020 දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සහ සේවය ස්ථිර කිරීමේ සම්පූර්ණ මාර්ගෝපදේශය.
ලිපිය 02 කියවන්න »රාජ්‍ය සේවා සහ අධ්‍යාපන චක්‍රලේඛ මාර්ගෝපදේශ කඩිනමින් ලබා ගැනීමට එක්වන්න!
WhatsApp Channel එකට එක්වන්න WhatsApp සමූහයට එක්වන්න
0 Comments