Colleges of Technology/Technical Colleges - Application 2023 Sinhala
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව
තාක්ෂණ/කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම - 2024
මෙම නිවේදනයේ සඳහන් තාක්ෂණ / කාර්මික විද්‍යාලවල පැවැත්වෙන පාඨමාලා සඳහා සුදුසුකම් ඇති අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ සුදුසුකම් හා කුසලතාවයන් සැලකිල්ලට ගෙන පාඨමාලා සඳහා සිසුන් බඳවාගනු ලැබේ.
2. මේ පිළිබඳ විස්තර
www.dtet.gov.lk වෙබ් අඩවියෙහ ි පළකර ඇත ි අතර අයදුම්පත ්‍රය එම වෙබ් අඩවිය හරහා හො ්
www.dtet.gov.lk මගින් මාර්ගගත ක්‍රමයට ඉදිරිපත් කළ හැකිය. (පාඨමාලා සඳහා අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට පමණක් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.) එසේ නොහැකි අවස්ථාවන් හිදි පහත පරිදි කටයුතු කරන්න. මෙම දැන්වීමේ දක්වා ඇති “ආදර්ශ අයදුම්පත්‍රයට” අනුව ්4 ප්‍රමාණයේ කඩදාසියක අදාළ අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර 2023/12/15 වැනි දින හෝ ඊට පෙර අදාළ තාක්ෂණ / කාර්මික විද්‍යාලයේ අධ්‍යක්ෂ / විදුහල්පති වෙත ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත් අදාළ විද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශයට පැමිණ භාරදීමට අවස්ථාව ඇත. අයදුම්පත් මෙම දෙපාර්තමේන්තුවට හෝ කිසියම් නිලධාරියෙකුගේ නමට හෝ පුද්ගලික ලිපිනයකට යොමු නොකරන ලෙසට අයදුම්කරුවන් හට උපදෙස් දෙනු ලැබේ.
3. පාඨමාලා සම්බන්ධ වැඩිදුර තොරතුරු වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ 011-2348893 යන දුරකථන අංකය ඇමතීමෙන් සහ ාඑැඑගටදඩගකන යන වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය.
4. අයදුම්පත යොමුකරන කවරයෙහි වම්පස ඉහළ කෙලවරෙහි ඉල්ලුම්කරන පාඨමාලාවේ නම හා පාඨමාලා කේතය යොදන්න. එක් එක් පාඨමාලා සඳහා වෙන වෙනම අයදුම්පත් යොමු කළ යුතුය.
උදා. ඉදිකිරීම් තාක්ෂණ ජාතික ඩිප්ලෝමාව -ETB 05
5. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත්, පාඨමාලාවේ පුරප්පාඩු පවතී නම් පමණක් සලකා බලනු ඇත.
6. ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) මට්ටම් 4/ 5 සහ 6 මට්ටමේ සියලුම පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා හය මාසික කර්මාන්තගත පුහුණුව අනිවාර්යවේ. එහෙත් භඪූ මට්ටම 05 හා 06 ඒකාබද්ධ ඉංජිනේරු පාඨමාලාවන් සඳහා කර්මාන්තගත පුහුණුව අවුරුදු 01 කි.
i. සියලුම ඩිප්ලෝමා මට්ටමේ (භඪූ මට්ටම් 05 හා 06) පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පවත්වනු ලැබේ.
ii. භාෂා පාඨමාලා හැර සියළුම භඪූ මට්ටම් 03/04 පාඨමාලා සිංහල/දෙමළ මාධ්‍යයෙන් පැවැත්වේ..
7. පාඨමාලාවල ස්වභාවය, ඒ ඒ පාඨමාලා සඳහා සපුරා තිබිය යුතු සුදුසුකම්, එම පාඨමාලා පැවැත්වෙන විද්‍යාල සහ පාඨමාලා පැවැත්වෙන භාෂා මාධ්‍ය මෙම දැන්වීමේ අග දක්වා ඇති පාඨමාලා පිළිබඳ ලේඛනයෙහි අඩංගු බැවින් එම ලේඛනය කෙරෙහි සියළුම අයදුම්කරුවන්ගේ අවධානය යොමු කරවනු ලැබේ. තාක්ෂණ / කාර්මික විද්‍යාලවල තැපැල් ලිපිනයන් හා දුරකථන අංක ද එම ලැයිස්තුවේ සඳහන් වේ. විද්‍යාලය හෝ පාඨමාලාව මාරුකිරිමට පසුව කරනු ලබන ඉල්ලීම් සලකා බලනු නොලැබේ.
8. අර්ධකාලීන හා සති අන්ත පාඨමාලා සඳහා ලියාපදිංචි වන සියළුම සිසුන්ගෙන් පහත සඳහන් පරිදි ගාස්තු අයකෙරේ.
i. පාඨමාලා කාලය වසරකට වැඩි පාඨමාලා සඳහා එක් වසරකට එක් ශිෂ්‍යයෙකු රු. 25,000/- මුදලක් ගෙවිය යුතුය.
ii. පාඨමාලා කාලය මාස 6 ට වැඩි සහ වසරක් දක්වා වන පාඨමාලා සඳහා මුළු පාඨමාලා ගාස්තුව වශයෙන් එක් ශිෂ්‍යයෙකු රු. 30,000/- මුදලක් ගෙවිය යුතුය.
(පාඨමාලා ගාස්තු වාරික දෙකකින් ගෙවිය හැකි අතර පළමු වාරිකය ශිෂ්‍ය ලියාපදිංචියේ දී රු. 15,000/- හා දෙවන වාරිකය ලෙස ඉතිරි මුදල පාඨමාලා ආරම්භයේ සිට මාස 06 ඉක්මවීමට පෙර ගෙවිය යුතුය)
iii. හය මාසික පාඨමාලා සඳහා රු. 20,000/= ක මුදලක් ගෙවිය යුතුය.
iv. පාඨමාලා කාලය මාස 3 හෝ මාස 6 අඩු පාඨමාලා සඳහා මුළු පාඨමාලා ගාස්තුව වශයෙන් එක් ශිෂ්‍යයෙකු රු. 15,000/- මුදලක් ගෙවිය යුතුය.
v. අවසන් විභාග හෝ ඇගයීම් සඳහා පෙනී සිටීමට ශිෂ්‍යයා විසින් සම්පූර්ණ පාඨමාලා ගාස්තු ගෙවා අවසන් කළ යුතුය.
09. සියලුම පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වන සිසුන්ගෙන් පහත පරිදි ගාස්තු අය කරනු ලැබේ.
i. භඪූ මට්ටම් 3 හා 4 පූර්ණ කාලීන පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේ දී පාඨමාලා සඳහාරු 1500 ක ගාස්තුවක් හා
භඪූ මට්ටම් 5 හා 6 පූර්ණ කාලීන පාඨමාලා හා භාෂා ක්ෂේත්‍රයේ පූර්ණ කාලීන පාඨමාලා සඳහා ලියාපදිංචි වීමේදී
පාඨමාලා සඳහා රු. 2500/= ක ගාස්තුවක් අය කරනු ලැබේ.
10. මෙහි අ.පො.ස (උ. පෙළ) විෂයන් තුනකින් සමත් වී තිබීම ලෙස සලකනු ලබන්නේ අදාළ විෂය ධාරාවේ ප්‍රධාන විෂයයන් පමණක් වේ.
11. අයදුම්කරුවන් තෝරාගනු ලබන්නේ අදාළ විෂය දැනුම සහ පාඨමාලාව පැවැත්වෙන භාෂා මාධ්‍යයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව පරීක්ෂා කිරීම හා සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මතය. අයදුම්පත් වැඩි ප්‍රමාණයක් ඇති විට විද්‍යාලය විසින් ලිඛිත විභාගයකින් තෝරා ගැනීමට කටයුතු කරනු ඇත.
12. ලිපිලේඛන කිසිවක් හෝ ඒවායේ පිටපත් හෝ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් නොකළ යුතුය. සම්මුඛ පරීක්ෂණයේ දී අවශ්‍ය හා පිළිගත හැකි ලිපිලේඛන ඉදිරිපත් නොකර යෝග්‍යතාව ඔප්පු කිරීමට නොහැකිවන අයදුම්කරුවන් නුසුදුස්සන් වනු ඇත.
13. තෝරාගනු ලබන පූර්ණකාලීන සිසුන් සඳහා පහත දැක්වෙන අමතර වාසි සහ වරප්‍රසාද හිමිවේ.
i. තෝරාගත් පාඨමාලාවන් සඳහා අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට (වාර්ෂික ආදායම රු.500,000.00 ට අඩු පවුල් සඳහා) නිපුණතා සිසු සවිය යටතේ මාසිකව රු. 4,000/- උපරිමයකට යටත් ව දෛනික පැමිණීම මත දීමනාවක් හිමිවේ.
14. අයදුම්කරු විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි ලේඛනවල සත්‍යතාව පිළිබඳව සම්පූර්ණ වගකීම ඔහු හෝ ඇය විසින් දැරිය යුතුය. වංචනික හෝ වෙනස් කිරීම් සහිත ලිපිලේඛන ඉදිරිපත් කරන හෝ අයදුම්පතෙ හි සඳහන් කරුණු සනාථ වන සේ ලිපිලේඛන සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
15. කිසියම් විද්‍යාලයක පවත්වන පාඨමාලාවක පළමු/දෙවන/තෙවන වසර සඳහා ප්‍රමාණවත් අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවල දී ලියාපදිංචි වී ඇති සිසුන් වෙනත් විද්‍යාලයක් සමඟ ඒකාබද්ධ කිරීම / මාර්ගගත ක්‍රමවේදයට හෝ එම පාඨමාලාව පැවැත්වෙන වෙනත් ආසන්නතම තාක්ෂණ/කාර්මික විද්‍යාලයකට යොමු කිරීම කරනු ලැබේ.
16. සති අන්ත/අර්ධ කාලීන පාඨමාලාවක් සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන් තමන් අදාළ ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවන බව තහවුරු කිරීම සඳහා පිළිගත් සේවා සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
17. අවසන් විභාගය සහ ඇගයීම් සඳහා සුදුසුකම් ලැබීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අවම වශයෙන් 75% සහභාගිත්වයක් තිබිය යුතු අතර අඛණ්ඩ ඇගයීම්වල දී අවම සාධන මට්ටමට ඉහළින් උපයාගෙන තිබීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවන අවස්ථාවල දී අවසන් විභාග හා ඇගයීම් සඳහා පෙනී සිටීමට අවස්ථාවක් හිමි නොවේ.
18. පාඨමාලා කේතයන් ඊී්ල ඊීක්‍ල ෑක්‍ක්‍ල ෑඕල ෑඔඊල ෑඔක්‍ල ෑීක් හාල ඵක්‍ක් යටතේ හඳුන්වා දී ඇති පාඨමාලාවන් සඳහා මෙම දෙපාර්තමේන්තුව මඟින් අවසන් විභාගයක් පැවැත්වේ. අනෙකුත් කේත සඳහා දෙපාර්තමේන්තු විභාගයක් නොපැවැත්වෙන අතර අවස්ථාවෝචිතව තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ලිඛිත /ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා නිපුණතාවය මත භඪූ සහතික පිරිනමනු ලැබේ.
19. මෙම ගැසට් පත්‍රයෙ හි සඳහන් තාක්ෂණ විද්‍යාලවල සහ කාර්මික විද්‍යාලවල 2024 අධ්‍යයන වර්ෂයෙ හි පැවැත්වීමට නියමිත පාඨමාලා සියල්ලම පැවැත්වීම හෝ කිහිපයක් පැවැත්වීම කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අභිමතය පරිදි වේ.
20. සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවලින් පළවන මෙම නිවේදනයේ භාෂාවන් අතර වෙනසක් ඇතොත් සිංහල භාෂා මාධ්‍ය බලාත්මක
https://drive.google.com/file/d/1riyC0VMawCxXFzG84GbSY6axuC5UsJF1/view?usp=sharing