පාඨමාලා අංකය 06 - ගණිතය (සිංහල)
07 - ගණිතය (දෙමළ)
08 - ගණිතය (ඉංග්‍රීසි)
අයුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සංයුක්ත ගණිතය, උසස් ගණිතය, භෞතික විද්‍යාව , රසායන විද්‍යාව යන භෞතිය විද්‍යා විෂය ධාරාවට අයත් විෂය තුනකින් (03) එකවර සමත්වීම ;
හා
අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ ,
යන සුදුසුකම් සහිතව
අ.පො.ස. (සා.පෙළ) විභාගයේදී විද්‍යාව, ගණිතය යන
විෂයන්ට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍ය සහිතව සමත්වීම.
සැලකිය යුතුයි :-
ගණිතය (ඉංග්‍රීසි මාධ්‍ය) පාඨමාලාව සඳහා :
මෙම පාඨමාලාව සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් බඳවා ගන්නා මුළු අයදුම්කරුවන් සංඛ්‍යාවෙන් 60%ක ප්‍රමාණය අ. පො. ස. (උ. පෙළ) ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද, ඉතිරි 40% ක ප්‍රමාණය අ. පො. ස. (උ.පෙළ) සිංහල/ දෙමළ මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන් ද වන සේ තෝරා ගනු ලැබේ. (සිංහල/දෙමළ මාධ්‍යයෙන් අ.පො.ස. (උ.පෙළ) හදාරන ලද අයදුම්කරුවන ් බඳවා ගැන ීමේදී, ඔවුන් අතරින් එක් විෂයක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන ලද අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.) මෙහිදී අ. පො. ස. (උ. පෙළ) ඉංග්‍රීසි මාධ්‍යයෙන් හැදෑරූ සුදුසුකම් සහිත අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවන් නොමැති අවස්ථාවල දී බඳවා ගැනීමේ පදනම යටතේ අ.පො.ස. (උ.පෙළ) සිංහල මාධ්‍යයෙන් හෝ දෙමළ මාධ්‍යයෙන් හෝ හදාරා ඇති සුදුසුකම්ලත් අයදුම්කරුවන් අතරින් ඉතිරි පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ.