>
Lankajobinfo.

ad

  • Home
  • EDU NEWS
  • Exam Papers
  • Teachers Section
  • Jobs & Courses
  • About US
  • Contact Us
  • Privacy policy
Homeedu_ guideගුරු ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව

ගුරු ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව

Admin January 16, 2026
ගුරු ආචාරධර්ම පද්ධතිය

ගුරු වෘත්තියේ අභිමානවත් බව රැකදෙන ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව

ඩබ්.කේ. තිලකරත්න, අධ්‍යාපනවේදී පාඨමාලාව, අධ්‍යාපන පීඨය, කොළඹ විශ්වවිද්‍යාලය.

නවීන ලොවක නිර්මාණකරුවා ගුරුවරයා ය. ඉගෙනුම් සමාජය මෙහෙයවන ගාමක බලවේගය ගුරුවරයා ය. බුදු දහමට අනුව එතෙක් මෙතෙක් ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම ගුරුවරයා බුදුන්වහන්සේ ය. එහෙත් වර්තමාන සමාජය තුළ ගුරුවරයා නැමැති අභිමානවත් පුද්ගලයාගේ වෘත්තීය ගෞරව නාමයට හානි වූ අවස්ථාවන් කිහිපයක් පසුගිය කාල වකවානුව තුළ අපට අසන්නට ලැබිණි. එවැනි ගැටලු ඇති වීමට මූලික හේතුව වන්නට ඇත්තේ ගුරුවරයා තම වෘත්තියේ උත්තරීතර බව හා නීතිගරුක බව මැනවින් පසක් කරගෙන නොතිබීමයි. ගුරුවරයා ද රජයේ සේවකයකු වේ. එහෙත් ගුරුවරයා රජයේ සාමාන්‍ය සේවකයකුට වඩා වෙනස් වන්නේ ගුරු වෘත්තිය සතු සුවිශේෂී ආචාරධර්ම පද්ධතිය හා නීති මාලාව හේතුවෙනි. ගුරුභවතාට තමන්ට අභිමත පරිදි ඇඳුම් ඇඳීමට, විලාසිතා කිරීමට හා විවිධ හැසිරීම් රටා පවත්වාගෙන යාමට වරම් නැත. ඔවුන්ට නියමිත සදාචාරාත්මක සීමාවන් ඇත.

ප්‍රධාන වශයෙන් ම ආචාරධර්ම පද්ධතියක් හා නීතිමාලාවක් තුළින් අපේක්ෂා කර ඇත්තේ වෘත්තීය සමාජිකයකු ලෙස ගුරුභවතාගේ ගෞරව නාමයේ පවිත්‍රතාවය ආරක්ෂා කර ගැනීමයි. එමෙන් ම සෑම ගුරුවරයකුගේ ම වගකීම වන්නේ ශිෂ්‍යයින්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම මෙන් ම ඔවුන්ගේ පෞරුෂය යහපත් ලෙස සංවර්ධනය කිරීම වේ. මෙහිදී ආචාරධර්ම පද්ධතියක් තුළින් අපේක්ෂා කරන්නේ ගුරුභවතා ස්වයං ලෙස පනවා ගතයුතු අවංකත්වය, වගකීම් සහගත බව, ආදර්ශමත් බව හා තම ආකල්ප ආදිය වාරණයන් පිළිබඳ දැනුවත් කිරීම වේ. එහෙත් නීති මාලාව යනුවෙන් දැක්වන්නේ සියලු ගුරුභවතුන් අනිවාර්යයෙන් පිළිපැදිය යුතු නීති සමුදාය වේ. මෙම නීති කැඩීම හේතුවෙන් ගුරුවරයාට තම වෘත්තිය අහිමිවීමට ද ඉඩ ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති 2012/37 චක්‍රලේඛය තුළ "ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව" ගැබ් වේ. මෙහි පිටපතක් සෑම පාසලක් ම සතු වේ. ඒ අනුව ගුරු වෘත්තියට බැඳෙන ආධුනික ගුරුවරයා මෙම ආචාරධර්ම පද්ධතිය හා නීති මාලාව අනුගමනය කිරීම හා දැනුවත් වී සිටීම අත්‍යාවශ්‍ය වේ. චක්‍රලේඛය තුළ සඳහන් ආචාරධර්ම හා නීතිමාලාව ප්‍රධාන ක්ෂේත්‍ර අටක් ඔස්සේ වෙන වෙන ම කෙටියෙන් පහත සඳහන් කර ඇත.

ආචාරධර්ම පද්ධතිය

1. ගුරුවරයා පුද්ගලයෙකු වශයෙන්

  • ගුරුවරයා මනා සෞඛ්‍යයෙන් හා පිරිසිදුව සිටීම.
  • සංස්කෘතියට අනුකූලව සංවරභාවය රැකෙන පරිදි ඇඳුමින් සැරසීම.
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් හා අපචාර ක්‍රියාවලින් වැළකීම හා අන් අය ඉන් මුදවා ගැනීම.
  • සිසුන් සමඟ කටයුතු කරන විට ජංගම දුරකථන භාවිතා නොකිරීම.
  • සමාජයේ අපකීර්තියට ලක් වූ පුද්ගලයන් ඇසුරු නොකිරීම.
  • සහෝදර ගුරුවරු හා සිසුන් ඉදිරියේ තමා පිළිබඳ පුසාරම් නොදෙඩීම.
  • තම ධනය හා බලය යොදාගෙන අන් අය පීඩාවට පත් නොකිරීම.
  • පුද්ගලික මතවාද පිළිගැනීමට සිසුන් නොපෙළඹවීම.
  • තම සුවිශේෂී හැකියාවන් හමුවේ අන් ගුරුවරු හෙළා නොදැකීම.
  • අන්තවාදී ස්ථාවරයන්හි නොපිහිටා සමබර පුද්ගලයකු ලෙස හැසිරීම.
  • අසාධාරණකම් ඉදිරියේ තම සහෝදර ගුරුවරු හා ශිෂ්‍යයන් ආරක්ෂා කර ගැනීම.
  • සමාජ සම්මතයන්ට ගරුකරමින් සිසුන්ට හා සමාජයට ආදර්ශයක් වීම.
  • සාහසික ක්‍රියාවක් සිදුවන අවස්ථාවක පීඩාවට පත් අයට උදව් කිරීම.

2. ගුරුවරයා "දෙමාපියන් වෙනුවට"

  • දෙමාපියන් හා සිසුන්ට තමා කෙරෙහි ඇති විශ්වාසය රැකගැනීම.
  • සියලු සිසුන්ට සාධාරණව හා අපක්ෂපාතීව ආදරය, කරුණාව දැක්වීම.
  • සිසුන්ට ඔවුන්ගේ නමින් හෝ දුව, පුතා ලෙස ආමන්ත්‍රණය කිරීම.
  • විශේෂ අවශ්‍යතා සහිත සිසුන් හඳුනාගෙන අවශ්‍ය උපදෙස් හා පහසුකම් සැලසීම.

3. ගුරුවරයා දැනුම ලබා දෙන්නෙකු, කුසලතා හා ආකල්ප සංවර්ධනය කරන්නකු ලෙස

  • එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට අනුව ළමා අයිතීන් සුරක්ෂිත කිරීම.
  • මනා සූදානමකින් තම වගකීම් ඉටු කිරීම.
  • ලබාදෙන දැනුම නිවැරදි, අදාළ හා යෝග්‍ය බව තහවුරු කිරීම.
  • විෂයන් ඉගැන්වීමට සාකල්‍යවාදී ප්‍රවේශයන් අනුගමනය කිරීම.
  • ඉගැන්වීම කාලය තුළ සිසුන්ගේ විචාරාත්මක චින්තනය දියුණු කිරීම.
  • පාඩමට අදාළ අතිරේක තොරතුරු සෙවීමට අවශ්‍ය උපදෙස් හා අවස්ථාවන් සලසාදීම.
  • සිසුන් ස්වයං අධ්‍යාපනයට පෙළඹවීමට අවශ්‍ය පහසුකම් සැලසීම.
  • සිසුන්ගේ ආකල්ප වර්ධනය කරන්නකු හා ඒ සඳහා පොළඹවන්නකු වීම.
  • තම සිසුන්ගෙන් මුදල් අයකර ඉගැන්වීමේ නොයෙදීම.

4. ගුරුවරයා නිර්මාණාත්මක මඟ පෙන්වන්නකු සහ උපදේශකයකු ලෙස

  • තම වගකීම් ඉටු කිරීමට දැනුම, කුසලතා හා ආකල්පයන්ගෙන් යුතුව සූදානම් වීම.
  • සිසුන්ගේ ගැටලු පිළිබඳ විමසිලිමත්වීම හා ගැටලු නිරාකරණයට අවශ්‍ය උපදෙස් ලබාදීම.
  • සිසුන්ගේ ගැටලු පිළිබඳ තොරතුරු නීත්‍යානුකූල භාරකරුවන්ට පමණක් හෙළිකිරීම.
  • ගැටලුවකදී දෙමාපියන් සම්බන්ධ කළ හැකි සේ සුහද සබඳතා පවත්වාගැනීම.
  • අනිසි ගුරු සිසු සබඳතා පවත්වා නොගැනීම.
  • සිසුන්ගේ දැනුම, කුසලතා හා සමාජ සාරධර්ම සංවර්ධනය.

5. ගුරුවරයා ඇගයීම් කරන්නකු ලෙස

  • ඇගයීමට අවශ්‍ය දැනුම, කුසලතා සංවර්ධනය හා යාවත්කාලීන කරගැනීම.
  • සිසුන්ගේ දුබලතා හා ගැටලු හඳුනාගෙන අවශ්‍ය උපදෙස් ලබාදීම.
  • පුද්ගලබද්ධ නොවී විශ්වාසනීය ලෙස ඇගයීම් කිරීම.

6. ගුරුවරයා වෘත්තිකයකු ලෙස

  • සැමවිටම ගුරු වෘත්තියේ උසස්බව හා උත්තරීතර බව සුරැකීම.
  • තමාගේ දැනුම, කුසලතා වලංගුව තබාගැනීම හා යාවත්කාලීන කරගැනීම.
  • ඉගැන්වීම වෘත්තියක් වීමට දැනුම බෙදාගැනීම, උද්‍යෝගයෙන් හා සහයෝගයෙන් කටයුතු කිරීම.
  • ගුරු වෘත්තිය උදෙසා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම.
  • තම සුදුසුකම් සපුරනතෙක් උසස්වීම් අපේක්ෂා නොකිරීම හා සුදුස්සන්ට ඒ සඳහා සහයෝගය දීම.
  • තම වෘත්තිය පිළිබඳ අභිමානයෙන් හා හැඟීමෙන් කටයුතු කිරීම.
  • සියලු සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම.
  • පුද්ගලික අභිවෘද්ධිය සඳහා දරුවන්ට බලපෑමක් වන අකටයුතුකම් නොකිරීම.
  • තමා සමඟ සේවය කරන්නන් විවේචනය නොකිරීම හා සාමූහිකව කටයුතු කිරීම.
  • ඉදිරි වර්ෂයේ කටයුතු සඳහා අවශ්‍ය සියලු තොරතුරු නිසි පරිදි ස්වකීය අනුප්‍රාප්තිකයාට ලබාදීම.
  • වෘත්තීය තත්වයට හානිවන අයථා තත්වයක් උද්ගත වූ වහාම එය වෘත්තීය බලධාරීන්ට දැන්වීම.

7. ගුරුවරයා කළමනාකරණයේ වගකිවයුත්තකු ලෙස

  • තම වෘත්තියට බලපාන නීතිරීති, කළමනාකරණ කටයුතු හා වගකීම් පිළිබඳ දැනුවත්වීම.
  • පාසල පිළිබඳ ප්‍රතිපත්ති සැකසීමට හා ක්‍රියාත්මක කිරීමට සහයවීම.
  • කළමනාකරණ උපදෙස් පිළිපැදීම හා ගැටලුවලදී සන්සුන්ව ප්‍රශ්න කිරීම.
  • වෘත්තීය ක්‍රියාකාරකම් හා ඒවායේ ප්‍රතිඵලවලට ගරුකිරීම.
Tags:
edu_ guide
  • Facebook
  • Twitter
  • Google+

Post a Comment

0 Comments

ads

Popular Posts

Government Service Guide

3/info/post-list

Tags

  • Course 161
  • Edu-news 135
  • Government job 131
  • info 120
  • news 55
  • Competition 51
  • degree 46
  • gazette 41
  • Results 39
  • A.L 38
  • circular 33
  • free-course 31
  • scholarship 22
  • Aptitude_Test 21
  • exam calendar 21
  • Exam-Paper 16
  • O.L 14
  • Past-papers 13
  • Diploma 11
  • edu_ guide 10
  • SLTS-EB 8
  • transfer application 8
  • fuel 7
  • private job 6
  • Promotion 5
  • list 5
  • Management_assistant 4
  • police 4
  • විද්‍යා පීඨ 4
  • accountant 3
  • jobs 3
  • APPLICATION 2
  • course list 2
  • G.K 1
  • UGC 1
  • aswesuma 1
  • director 1
  • litro Gas 1
  • m 1
  • power cut 1
  • scholership 1
  • translator 1

Jobs Classification

  • A.L 38
  • Management_assistant 4
  • O.L 14
  • degree 46

ads

Footer Menu Widget

  • Home
  • About us
  • Contact Us
Created By SoraTemplates | Shared By Way Template