විද්‍යා පීඨවලට තෝරා ගැනීමට අදාළ වෙනත් කරුණු
7.0 තෝරා ගැනීමට අදාළ වෙනත් කරුණු
7.1. තෝරා ගනු ලබන අයදුම්කරුවන් අදාළ පාඨමාලා සඳහා යෝග්‍යතාව සනාථ කිරීමට පිළිගත හැකි සාක්ෂි සහ සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිය යුතුය. නියමිත දින කිසිදු දැනුම් දීමකින් තොරව සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී නොවන ඒ ඒ දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන් වෙනුවට අදාළ දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් අනුපිළිවෙළට වෙනත් අයදුම්කරුවන් කැඳවනු ලබන අතර, නොපැමිණි අයදුම්කරුවන් පිළිබඳ නැවත සලකා බලනු නො ලැබේ.
7.2 සියලුම සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර, එදිනට මුල් පිටපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවන් පිළිබඳව තෝරා ගැනීම්වල දී සලකා බලනු නො ලැබේ.
7.3 පාඨමාලාවේ අපෙ ්ක ්ෂ ිත මට්ටමට ළඟාවීමට මෙන්ම ගුරු වෘත්තියට පිවිසීමට ද යදුම්කරුවන් වෙත තිබිය යුතු කායික හා මානසික යෝග්‍යතාව, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන නිර්ණායකයන් ඔස්සේ පළමු සම්මුඛ පරීක්ෂණයේ දී අදාළ සම්ම ුඛ පරීක ්ෂණ මණ්ඩලය විසින් පරීක්ෂාකර බලන ු ලැබේ. එහ ි දී පාඨමාලාව හැදෑරීමට සහ ගුරු වෘත්තියට පිවිසීමට අයදුම්කරු සතු කායික, මානසික යෝග්‍යතාව ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ව ඔවුන් තම නි3⁄4දේශය ඉදිරිපත් කරනු ලැබේ.
7.4 ඉහත 7.3 ඡේදය ප්‍රකාරව යෝග්‍යතාව සහිත එමෙන්ම බඳවා ගැනීමේ නිර්ණායක යටතේ සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් වෙත ලියාපදිංචි තැපෑලෙන් ඒ බව දැනුම් දෙනු ඇත. එම අයදුම්කරුවන් ලියාපදිංචිය සිදුකිරීමට පෙර අයදුම් කිරීමේ දී ඉදිරිපත් කර ඇති දත්තවල න ිරවද්‍යතාවය නැවත පරික ්ෂා කරන ු ලබන අතර ඒ අනුව සුදුසුකම් සම්පූ3⁄4ණ කරනු ලබන අයදුම්කරුවන් පමණක් අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නියමිත පාඨමාලාව සඳහා ලියාපදිංචි කරන ු ලැබේ. ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨයේ ලියාපදිංචි වීමට නියමිත දිනයේ සිට රාජකාරී දින දහයක් (10) ඇතුළත ලියාපදිංචි නොවුනහොත් ඇතුල්වීමේ අවස්ථාව ඔහුට / ඇයට අහිමිවනු අත. ඒ අනුව ඇතිවන පුරපා්පාඩු සඳහා බඳවා ගැනීමේ පදනම යටතේ නියමිත දත්ත පාදකයේ සඳහන් අයදුම්කරුවන් අදාළ කුසලතා අනුපිළිවෙළට සම්ම ුඛ පරීක්ෂණයට කැඳවා තෝරා ගනු ලැබේ.
7.4.1 එබැවින් නියමිත කාලසීමාව තුළ ලියාපදිංචි නොවන අයදුම්කරුවන් විසින් පසුව කරනු ලබන ඉල්ලීම් පිළිබඳ කිසිසේත්ම සලකා බැලීමට අවස්ථාව නොමැති බව සැලකිය යුතු වේ.
2 ඉහත අංක 7.3 හෝ 7.4 හෝ යටතේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී නි3⁄4දේශ ලබාදීමට නොහැකි මට්ටමේ යම් සුවිශේෂී ගැට ̈ තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ කමිටුවකට යොමු කෙf3⁄4. එම වා3⁄4තාව අධ්‍ය ාපන විද්‍ය ායතන මණ ්ඩලයට/ අධ්‍යාපන ලෙ ්කම්ට ඉදිරිපත ් කර ලබා ගන්නා තීරණ ක්‍රියාත්මක කරනු ඇත.
7.5. පළමු හා දෙවන සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමෙන් අනත ුරුව විද්‍යාපීඨයේ ලියාපදිංචිය සඳහා තෝරා ගනු ලබන අයදුම්කරුවන් අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට පෙර තම සෞඛ්‍ය තත්ත්වය සනාථ කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.
7.6. ඔනෑම අයදුම්කරුවක ුට තම කැමැත්තේ අනුපිළිවෙළ අනුව, පාඨමාලා තුනකට අයදුම්කළ හැක ි ය. නම ුත ්, ක ුසලතා අන ුප ිළ ිවෙළ අන ුව සුදුසුකම් ලබන පාඨමාලා සඳහා පමණක් සම්මුඛ පරීක ්ෂණයට කැඳවන ු ලබන අතර, පාඨමාලා එකකට වඩා වැඩි සංඛ්‍යාවක ් සඳහා තෙ ්රී පත්වීමට සුදුසුකම් ලබා ඇති විටක අයදුම්කරුගේ පාඨමාලා කැමැත්තේ අනුපිළිවෙළට ප්‍රමුඛතාව දෙමින ් එක ් පාඨමාලාවක ් සඳහා තො ්රාගනු ලැබේ.
7.7 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක කවර හෝ පාඨමාලාවකට ලියාපදිංචි වීමෙන් අනතුරු ව පෞද්ගලික හේත ූ මත ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨය, පාඨමාලාව, පාඨමාලා මාධ්‍යය වෙනස් කිරීමට කිසිසේත් ම අවසර දෙනු නො ලැබේ.
7.8 කිසියම් පාඨමාලාවකට ප්‍රමාණවත් ශික්ෂණලාභීන් සංඛ්‍යාවක් යම් විද්‍යාපීඨයක නොමැති වස්ථාවක අදාළ පාඨමාලාව ක්‍රියාත්මක වන ළඟම ඇති විද්‍යාපීඨයකට මාරු කරනු ලැබේ.
7.9 ප්‍රමාණවත් ගුරු අවශ්‍යතාවක් නො පවතින පාඨමාලා අහෝසි කිරීම, බඳවා ගන්නා ශික්ෂණලාභීන් සංඛ්‍යාව තීරණය කිරීම හා එක් එක් පාඨමාලා ආයතන තුළ ස්ථාන ගත කිරීම පිළිබඳ අවසාන තීරණය අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලය /අධ්‍යාපන ලේකම් සතු ය.