>

ad

අස්වැසුම සඳහා නවත අයදුම්පත් තැඳවීම ලඟදීම

 දැනට සමෘද්ධි සහනාධාරය ලබාගනිමින් සිටින පවුල්  අතරින්  1,280,000ක් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ඉලිලා  අයදුම් කර ඇති අතර ඉන්  සුදුසුකම් ලබා ඇත්තේ පවුල් 887,653ක්  බවත්,  දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා පවුල් 393,094 ක් සුදුසුකම් නොලැබා අති අතර, එම පවල්  393,094 කටට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.


මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.  


අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති අතර  දැනටමත් අස්වැසුම ප්‍රතිලාබ සඳහා සුදුසුකම්  නොලැබූ අය විසින්  ඉදිරිපත්ව ඇති අභියාචනා සහ විරෝධතා සලකා බැලීමේ කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතින බවත්  අතර එය අවසන් වූ වහාම නව අයදුම් පත් භාරගැනීමට හා  අස්වැසුම පවුල් ලක්ෂ 20ක් වෙනුවෙන් ලබාදීමේ ඉලක්කය කරා ළඟාවීමට හැකි වනු ඇති බව ද සේමසිංහ මහතා පැවැසීය. ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය. 

 

දැනට වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත ආධාර ලබන පිරිස වෙනුවෙන්  මීට පෙර ක්‍රියාත්මක වූ පරිදි ම වැඩිහිටි දීමනා තැපැල් කාර්යාල මඟින් ද වකුගඩු සහ ආබාධිත දීමනා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද ලබා ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 


අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අය හැකි ඉක්මණින් බැංතු ගිණුම් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය රජයේ නිවාඩු දිනවල ද විවෘතව පවතිනු ඇති බවත් අමාත්‍යවරයා අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ පිරිසගෙන් ඉල්ලා සිටී.