>

ad

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව - ඇබෑර්තු 2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව - ඇබෑර්තු 2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව

තනතුරු පුරප්පාඩු - 2026

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ පහත සඳහන් පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026 පෙබරවාරි 27

පුරප්පාඩු සහ වැටුප් පරිමාණයන්

තනතුර සහ ශ්‍රේණිය පුරප්පාඩු සම්පූර්ණ වැටුප් පරිමාණය (රු.) මූලික සුදුසුකම්
සහකාර පාලක
(සත්ත්ව/මත්ස්‍ය/උරග)
ශ්‍රේණිය: MN-01
02 රු. 45,230 – 10x540 – 11x630 – 10x890 – 10x1,190 - රු. 78,360/-
  • අධ්‍යාපන: අ.පො.ස (උ/පෙළ) විද්‍යා අංශයෙන් විෂයයන් 02ක් (නව නිර්දේශය) හෝ 03ක් (පැරණි නිර්දේශය) සමත්වීම.
  • අ.පො.ස (සා/පෙළ) භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් 06ක් සමත් (සම්මාන 2ක් සහිතව).
  • වයස: අවුරුදු 18 - 30 අතර.
ගාස්තු අය කිරීමේ සහකාර
ශ්‍රේණිය: MN-01
02 රු. 45,230 – 10x540 – 11x630 – 10x890 – 10x1,190 - රු. 78,360/-
  • අධ්‍යාපන: අ.පො.ස (උ/පෙළ) විද්‍යා අංශයෙන් එක් විෂයක් හෝ සමත්වීම.
  • අ.පො.ස (සා/පෙළ) භාෂාව සහ ගණිතය ඇතුළුව විෂයයන් 06ක් සමත්.
  • වයස: අවුරුදු 18 - 30 අතර.
විදුලි කාර්මික
ශ්‍රේණිය: PL-03
04 රු. 42,780 – 10x490 – 10x540 – 10x590 – 12x630 - රු. 66,540/-
  • වෘත්තීය: විදුලි කාර්මික ශිල්පය පිළිබඳ NVQ 4 මට්ටමේ සහතිකයක් ලබා තිබීම.
  • අ.පො.ස (සා/පෙළ) සම්මාන 2ක් සහිතව විෂයයන් 06ක් සමත්.
  • වයස: අවුරුදු 18 - 45 අතර.
සත්ත්ව භාරකරු
ශ්‍රේණිය: PL-02
10 රු. 41,800 – 10x490 – 10x540 – 10x590 – 12x630 - රු. 65,560/-
  • වෘත්තීය: NVQ 2 මට්ටමේ හෝ ඊට සමාන සුදුසුකම්.
  • අ.පො.ස (සා/පෙළ) සම්මාන 2ක් සහිතව විෂයයන් 06ක් සමත්.
  • වයස: අවුරුදු 18 - 45 අතර.
හස්ති භාරකරු
ශ්‍රේණිය: PL-02
02 රු. 41,800 – 10x490 – 10x540 – 10x590 – 12x630 - රු. 65,560/-
  • අධ්‍යාපන: 8 වැනි ශ්‍රේණිය සමත්වීම.
  • වෙනත්: අලි ඇතුන් බලා කියා ගැනීම සහ පාරම්පරික වෛද්‍ය ක්‍රම පිළිබඳ දැනුම.
  • වයස: අවුරුදු 18 - 45 අතර.

පොදු කොන්දේසි

  • පුරවැසිභාවය: ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය.
  • පළපුරුද්ද: ඉහත සියලු තනතුරු සඳහා අදාළ ක්ෂේත්‍රයේ වසර 03ක පළපුරුද්ද අවශ්‍ය වේ.
  • බඳවා ගැනීමේ ක්‍රමය: තනතුර අනුව ලිඛිත පරීක්ෂණයක් සහ/හෝ වෘත්තීය පරීක්ෂණයක් මගින් සහ සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගනු ලැබේ.

අයදුම් කළ යුතු ආකාරය

අයදුම්පත් 8 ½" x 12" (A4) ප්‍රමාණයේ කඩදාසියක සකස් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත 2026.02.27 දිනට හෝ ඊට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය:

"අධ්‍යක්ෂ ජනරාල්,
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව,
දෙහිවල."

කවරයේ ඉහළ වම් කෙළවරේ "අයදුම් කරන තනතුරේ නම" පැහැදිලිව සඳහන් කළ යුතුය.

Post a Comment

0 Comments